Skip links

අංශ සහ විෂයපථ

ආංශික කුළුණු, ඉලක්ක සහ විෂයපථයන් 2021-2025 

පළමු කුළුණ: දේශපාලන අංශය

ඉලක්කය: දේශපාලන බලය අනිසි ලෙස භාවිත කිරීම අඩු කරන වගවීමේ පද්ධති වෙනුවෙන් උද්දේශනය කිරීම.

1.1. දේශපාලන ව්‍යුහයන් සහ පාලනය තුළ වගවීම සහ විනිවිදභාවය පිළිබඳ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම.
1.2. මහජන නියෝජිතයින්ගේ වගවීම තහවුරු කරන ලෙස උද්දේශනය කිරීම.
1.3. මහා පරිමාණ දූෂණයට එරෙහිව සටන් කිරීම.
1.4. මහජන නියෝජිතයින්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීම.
1.5. පාලනතන්ත්‍රය තුල සියලු දෙනාට සහභාගී විය හැකි අවස්ථා වැඩි දියුණු කිරීම.

දෙවන කුළුණ: රාජ්‍ය අංශය

ඉලක්කය: විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතු රාජ්‍ය අංශයකට සහාය වීම.

2.1 දූෂණයට ඇති ඉඩ අවම කිරීම සඳහා රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
2.2. රාජ්‍ය ආයතන තුළ වගවීම පිළිබඳව අවධානයෙන් සිටීම සහ විනිවිද භාවය පිළිබඳ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම.
2.3. විවෘත පාලනය සහ දූෂණ විරෝධී / වගවීමේ යාන්ත්‍රණයන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාව වර්ධනය කිරීම.
2.4. රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතන අතර සුපිළිපන්න ගුණය ප්‍රවර්ධනය කිරීම.

තුන් වන කුළුණ: පුද්ගලික අංශය

ඉලක්කය : පුද්ගලික අංශයේ වගවීම වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සැලසීම.

3.1. පුද්ගලික අංශයේ වගවීම පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම.
3.2. වගවීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පුද්ගලික අංශය තුළ යාන්ත්‍රණ සහ ජාලයන් සංවර්ධනය කිරීම/ එවාට පහසුකම් සැලසීම.
3.3. පුද්ගලික අංශයේ වඩා හොඳ නීතිමය වගවීමක් වෙනුවෙන් උද්දේශනය කිරීම.

හතර වන කුළුණ: ප්‍රජා අංශය

ඉලක්කය : දූෂණය වටහා ගැනීමට සහ එයට එරෙහි වීමට පුරවැසියන් බලගැන්වීම සහ ඒකරාශී කිරීම.

4.1. දූෂණය පිළිබඳ විෂය කරුණු මෙන්ම සුපිළිපන්නභාවයේ වැදගත්කම පිළිබඳව මහජනතාවගේ අවබෝධය වැඩි දියුණු කිරීම.
4.2. සියලු ආකාරයේ දූෂණ ක්‍රියාවලට අභියෝග කිරීම සඳහා පුරවැසි සහභාගීත්වය වැඩි කිරීම සහ සභාග ගොඩ නැගීම.
4.3. ප්‍රජාවන් තුළ දූෂණය නිසා ඇති වන ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම.
4.4. වින්දිතයන්, සාක්ෂිකරුවන් සහ අකටයුතු නාදකයින් (whistleblowers) ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම.
4.5. ලිංගික අල්ලස් වලට එරෙහි වීමට සහ ඒවා වාර්තා කිරීමට කාන්තාවන් බලගැන්වීම.
4.6 සිවිල් සමාජ සංවිධාන තුළ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම පිළිබඳව ඔවුන් අතර කතිකාවක් ඇති කිරීම සහ පවත්වාගෙන යාම.

TISL – උපායමාර්ගික භූමිකාවන්, දිශානතීන්, ඒකාබද්ධ තේමාවන් සහ කාර්යයන් 2021-2025

TISL ආයතනයේ උපායමාර්ගික භූමිකාවන්

• දේශපාලන සහ රාජ්‍ය අංශයේ දූෂණ ගැන විමසිල්ලෙන් මුර බල්ලෙකු ලෙස කටයුතු කරයි.
• දූෂණ විරෝධය සහ විවෘත පාලනය පිළිබඳ දැනුම සපයන නායකයෙක් ලෙස කටයුතු කරයි.
• රාජ්‍ය අංශයේ වගවීම වැඩි දියුණු කිරීම සඳහා රජය සහ මහජනතාව අතර පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරයි.
• දූෂණ චක්‍රය බිඳ දැමීම සඳහා සාමාන්‍ය ජනතාව ඒකරාශී කරන්නෙකු ලෙස කටයුතු කරයි.
• පුද්ගලික අංශයේ සහ සිවිල් සමාජ සංවිධානවල වගවීම ඉහළ නැංවීම සඳහා කතිකාවක් සහ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කර ගැනීම පිළිබඳ කැඳවුම්කරුවෙකු ලෙස කටයුතු කරයි.
• කරුණු සෙවීම සහ නීතිය පිළිබඳ පර්යේෂණ මත පදනම්ව දූෂණයට එරෙහි උද්දේශකයෙකු ලෙස කටයුතු කරයි.

TISL ආයතනයේ පුළුල් උපායමාර්ගික දිශානතීන්

• දූෂණ විරෝධී න්‍යාය පත්‍රය පොදු ජනතාව අතරට ගෙන යෑම.
• අනෙක් රටවල දැනුම සහ සහයෝගීතාව ලබා ගනිමින් පුළුල් ව්‍යාපාරයක් ගොඩ නැඟීම.
• විශාල ජාලයන් සහිත සභාග ගොඩ නැගීම තුලින් සාමූහික ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීම.

ඒකාබද්ධ තේමාවන්

• ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව
• අවදානමට ලක්විය හැකි සහ අඩු නියෝජනයක් ඇති කණ්ඩායම් සහභාගී කරවා ගැනීම
• පාරිසරික වගකීම

ඒකාබද්ධ කාර්යයන්

• උද්දේශනය
• උපායමාර්ගික සන්නිවේදනය
• කරුණු සෙවීම සහ පර්යේෂණ කිරීම

This website uses cookies to improve your web experience.